2025/2026 දන්ත රෝහල, පේරාදෙණිය
Web Notice
දන්ත රෝහල, පේරාදෙණිය
ජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ රසායනික ද්‍රව්‍ය සැපයීම සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම– 2025/2026
2025/2026 වර්ෂයක කාලයක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පහත සඳහන් රෝහල් හා ආයතනවල පිරිසිදු කිරීමේ සේවය සැපයීම පිණිස ලියාපදිංචි ආයතනවලින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ, අමාත්‍යාංශ ප්‍රසම්පාදන “E” කමිටුවේ සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ.
- මෙම කොන්ත්‍රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය.
- ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් ආඥා පනත යටතේ හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීමේ ආයතනයක් ලෙස පුවත්පත් දැන්වීම පළ වූ දිනට අවම වශයෙන් වර්ෂයකට පෙර ලියාපදිංචි වූ ආයතනයක් විය යුතුය.
- පොදු කොන්ත්‍රාත් පනතේ 08 වැනි වගන්තිය යටතේ වන ලියාපදිංචි සහතිකය (ඒ ඒ රෝහල් /ආයතනය සඳහා වෙන වෙනම ලියාපදිංචි සහතික ඉදිරිපත් කළ යුතුය)
- වැට් බදු ගෙවන්නේ නම් පූර්වාසන්න තක්සේරු වර්ෂය සඳහා ආයතනය නමින් වැට් බදු/ආදායම් බදු ගෙවා ඇති බව ලිඛිත සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය. (සී/ස සමාගමක් නම් සමාගම නමින් ද, තනි පුද්ගල /හවුල් ව්‍යාපාර ආයතන සියළු හවුල්කරුවන්ගේ නමින් ද, පූර්වාසන්න වර්ෂය සඳහා ආදායම් බදු, වැට් බදු ගෙවා ඇති බවට ලිඛිත ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- ලංසුකරු නිෂ්පාදකයකු නොවන්නේ නම් ඒම නිෂ්පාදකයාගේ වෙළද නියෝජිතයකු බවට ලංසුකරු පිළිගන්නා බවට වු සහතිකය ඉදිරිපත් කල යුතුය.
- වරලත් විගණන ආයතනයකින්, ආයතනයේ විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ප්‍රකාශන (පූර්වාසන්න වසර දෙකකින් එක් වර්ෂයකට අදාළව)
- GMP (Good Manufacturing Practices) සහතිකය තිබිය යුතුය.
- පහත වගුවේ සඳහන් පරිදි රෝහල්/ආයතන වලට අදාළ වටිනාකමින් යුත් ලංසු ඇපකරයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති වාණිජ බැංකුවකින් මහ රෝහල, පේරාදෙණිය ලිපිනයෙහි වූ අධ්‍යක්ෂ, නමට ලියන ලද, ලංසු භාර ගැනීම අවසන් වූ දින සිට දින 119 ක කාලයකට වලංගු වන සේ ලබාගත් ලංසු බැඳුම්කරයක් ලංසුව සමඟ ඉදිරිපත් කළ යුතුය. (2025.11.07 දින සිට 2026.03.05 දින දක්වා වලංගු විය යුතුය).
- ලංසු ලේඛන ගාස්තුව ලෙස රු. 1,000.00 ක ආපසු නොගෙවන මුදලක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සරප් වෙත ගෙවිය යුතු හෝ මහජන බැංකුවේ රෝහල් ගිණුමේ අංක 057100129025207 හි තැන්පත් කළ යුතුය. අදාළ රිසිට්පත ලංසු ලේඛන සමඟ ඉදිරිපත් කළ යුතුය. ලංසු ලේඛන 2025 ඔක්තෝම්බර් 23 වන දින සිට පේරාදෙණිය මහ රෝහලේ නිල වෙබ් අඩවියෙන් (www.peradeniya-hospital.health.gov.lk ) බාගත කර පරීක්ෂා කළ හැකිය.
ආයතනය/රෝහල
| අනු අංකය | රෝහලේ නම | ප්‍රසම්පාදන අංකය | ලංසු ඇපකරය (රු.) | ලංසු ලියවිලි ගාස්තුව (රු.) | 
| 01 | දන්ත රෝහල, පේරාදෙණිය | THP/AB/11/2025 | 30,000.00 | 1000.00 | 
- සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි 2025.11.07 දින පෙ.ව. 10.30 ට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ, මහ රෝහල, පේරාදෙණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ පේරාදෙණිය මහ රෝහලේ ගණකාධිකාරී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ භාරදීමට කටයුතු කළ යුතුය. ටෙන්ඩර් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2025/2026 වර්ෂයේ පේරාදෙණිය දන්ත රෝහලේ පිරිසිදු කිරීමේ සේවාව සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විශබීජ නාශක රසායනික ද්‍රව්‍යමිළ දී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු සපයා ගැනීම” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- ලංසු ලියවිලි පිටපත් 02කින් මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් සඳහන් කර වෙන වෙනම කවරවල බහා එම කවර දෙක තනි කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.
- 2025.11.07 දින පෙ.ව. 10.30 දක්වා පේරාදෙණිය මහ රෝහලේ දී ලංසු භාරගැනීම සිදු කෙරේ. ලංසු භාරගැනීම අවසන් වූ වහාම ඒවා විවෘත කරන අතර, ලංසුකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට ලංසු ලියවිලි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය හැකිය. උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ලංසුකරුවන්ට පේරාදෙණිය මහ රෝහලේ අධ්‍යක්ෂගෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. (දුරකථන: 081-3880001)
- පූර්ව ලංසු රැස්වීම 2025.10.29 දින පෙ.ව 11.00 ට පේරාදෙණිය මහ රෝහලේ දී පැවැත්වේ
- ඉදිරිපත් වන ලංසු පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතු වන අතර, ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.
සභාපති,
ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව,
මහ රෝහල, පේරාදෙණිය.
Bid Documents
 numbers: 2nd visit
 numbers: 2nd visit numbers: After discharge visit
numbers: After discharge visit