ප්‍රසම්පාදන දැන්වීමයි

ලංසු කැඳවීම

ශික්ෂණ රෝහල,පේරාදෙණිය.

2026/2027 වසර සඳහා අමු ආහාර ද්‍රව්‍ය සැපයීම

01 ශික්ෂණ රෝහල,පේරාදෙණිය, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් පේරාදෙණිය, ශික්ෂණ රෝහලේ 2026/2027 වසර වෙනුවෙන් රෝගීන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අවශ්‍ය අමු ආහාර අඛණ්ඩව සැපයීම සහතික කල හැකි සැපයුම්කරුවන්ගෙන් ජාතික තරඟකාරී ලංසු කැඳවීම යටතේ ලංසු කැඳවනු ලැබේ.

02. මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ලංසු ලේඛණ ගාස්තු පහත වගුවේ සඳහන් පරිදි ආපසු නොගෙවන මුදලක් පේරාදෙණීය, ශික්ෂණ රෝහලේ සරප් අංශය වෙත ගෙවිය යුතු හෝ මහජන බැංකුවේ රෝහල් ගිණුම් අංක 057100129025207 හි තැන්පත් කළ යුතුය.අදාළ රිසිට්පත ලංසු ලේඛණ සමඟ ඉදිරිපත් කළ යුතුය.ලංසු ලේඛණ 2026 ජුලි 07 වන දින සිට පේරාදෙණිය මහ රෝහලේ නිල වෙබ් අඩවියෙන් (www.peradeniya-hospital.health.gov.lk) බාගත කර පරික්ෂා කළ හැකිය.

03. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලංසුව දින 91ක කාලයකට වලංගු වන සේ ඉදිරිපත් කල යුතුය. [2026.07.28 දින සිට 2026.10.26 (දෙදිනද ඇතුළත්ව) දක්වා වලංගු විය යුතුය.]

04. අදාළ ආහාර ඇස්තමේන්තුව පිළිබඳ විස්තර ලංසු ආකෘතිපත්‍ර සමඟ නිකුත් කරනු ලැබේ.

අනු අංකයප්‍රසම්පාදනයලංසු ලියවිලි ගාස්තුව අගය (රු)ලංසු ඇපකර වටිනාකම අගය (රු)
01.පේරාදෙණිය මහ රෝහල සඳහා 2026/2027 වර්ෂයට වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම – THP/AB/RF/01/20265,000.00750,000.00

05. ඉහත වගුවෙහි සඳහන් මිල ගණන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති වාණිජ බැංකුවකින්  අධ්‍යක්ෂ, මහරෝහල, පේරාදෙණිය  නමට ලියන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2024 ප්‍රකාරව කොන්දේසි විරහිත ලංසු බැඳුම්කරයක් ලංසු භාර ගැනීම අවසන් වූ දින සිට දින 119 ක කාලයකට වලංගු වන සේ ලබාගෙන ඉදිරිපත් කළ යුතුය. (2026.07.28 දින සිට 2026.11.23 දක්වා වලංගු විය යුතුය.)

06. අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “මහ රෝහල පේරාදෙණිය සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම – THP/AB/RF/01/2026”යන්න සටහන් කොට පෙ.ව.10.00 හෝ ඊට පෙර ලැබෙන සේ සභාපති, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව, මහ රෝහල, පේරාදෙණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ එම ලිපිනයේ පිහිටි ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ කල යුතුය.

07. පුර්ව ලංසු රැස්වීම 2026 ජුලි 16 දින පෙ.ව. 10.30 ට දේශන ශාලා අංක 01හිදී පැවැත්වේ. ඒ සඳහා ලංසුකරුවන් අනිවාර්යෙන් ම සහභාගි විය යුතුය.

08. මෙහි සඳහන් උපලේඛන එකකට හෝ කිහිපයකට හෝ සියල්ලටම මිල ගණන් ඉදිරිපත් කළ හැකි අතර එක් උපලේඛනයක සඳහන් සියලුම අයිතම්  සඳහා මිල ගණන් ඉදිරිපත් කළ යුතුය.

09. 2026 ජුලි 28 දින පෙ.ව. 10.00 ට ලංසු භාර ගන්නා වේලාව අවසන් වූ වහාම ලංසු අයදුම්පත් විවෘත කරනු ලැබේ. ලංසු අයදුම්පත් විවෘත කරන අවස්ථාවට ලංසුකරුවන්ට හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට සහභාගී විය හැකිය. ප්‍රමාද වී ලැබෙන ලංසු අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 10. අසම්පූර්ණ ලංසු අයදුම්පත් හා අමුණා එවනු ලබන ලේඛනගත සාක්ෂි නිසි පරිදි සහතික නොකළ ලංසු අයදුම්පත්ද ප්‍රතික්ෂේප කරනු ලැබේ.

11. ඉදිරිපත් වන ලංසු සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීම පේරාදෙණීය මහ රෝහලේ ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව සතු වේ.

12. ලංසු ලියවිලි මුදල් ගෙවීමකින් තොරව පේරාදෙණිය මහ රෝහලේ  පාලන අංශයේදී සාමාන්‍ය රාජකාරී වේලාව තුළදී පරීක්ෂා කිරීමට හැකිය.

13. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පේරාදෙණිය මහ රෝහලේ  අධ්‍යක්ෂ වෙතින් ලබාගත හැකිය. (දුරකථන අංක 081-38800001 )

සභාපති,

ප්‍රාදේශිය ප්‍රසම්පාදන කමිටුව,

මහ රෝහල, පේරාදෙණිය.

Bid Documents