ලංසු දැන්වීම

පේරාදෙණීය මහ රෝහල

ජාතික තරඟකාරි ලංසු  කැඳවීම යටතේ රසායනික ද්‍රව්‍ය සැපයීම සඳහා සැපයුම්කරුවෙකු ‍තෝරා ගැනීම–  2027

2027 වර්ෂයක කාලයක් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පේරාදෙණිය මහ රෝහලේ පිරිසිදු කිරීමේ සේවය සැපයීම් සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විෂබීජ නාශක රසායනික ද්‍රව්‍යය මිළදී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ, ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ.

  1. මෙම කොන්ත්‍රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය.
  1. ශ්‍රි ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් ආඥා පනත යටතේ හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීමේ ආයතනයක් ලෙස පුවත්පත් දැන්වීම පළ වූ දිනට අවම වශයෙන් වර්ෂයකට පෙර ලියාපදිංචි වූ ආයතනයක් විය යුතුය.
  1. පොදු  කොන්ත්‍රාත් පනතේ 08 වැනි වගන්තිය යටතේ වන ලියාපදිංචි සහතිකය (ඒ ඒ රෝහල් /ආයතනය සඳහා වෙන වෙනම ලියාපදිංචි සහතික ඉදිරිපත් කළ යුතුය)
  1. වැට් බදු ගෙවන්නේ නම් පූර්වාසන්න තක්සේරු වර්ෂය සඳහා ආයතනය නමින් වැට් බදු/ආදායම් බදු ගෙවා ඇති බව ලිඛිත සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය. (සී/ස සමාගමක් නම් සමාගම නමින් ද, තනි පුද්ගල /හවුල් ව්‍යාපාර ආයතන සියළු හවුල්කරුවන්ගේ නමින් ද, පූර්වාසන්න වර්ෂය සඳහා ආදායම් බදු, වැට් බදු ගෙවා ඇති බවට ලිඛිත ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
  1. ලංසුකරු නිෂ්පාදකයකු නොවන්නේ නම් ඒම නිෂ්පාදකයාගේ වෙළද නියෝජිතයකු බවට ලංසුකරු පිළිගන්නා බවට වු සහතිකය ඉදිරිපත් කල යුතුය.
  1. වරලත් විගණන ආයතනයකින්, ආයතනයේ විගණනය කරන ලද වාර්ෂික ගිණුම් ප්‍රකාශන (පූර්වාසන්න වසර දෙකකින් එක් වර්ෂයකට අදාළව)  
  1. GMP (Good Manufacturing Practices) සහතිකය තිබිය යුතුය.
  1. පහත වගුවේ සඳහන් පරිදි රෝහල්/ආයතන වලට අදාළ වටිනාකමින් යුත් ලංසු ඇපකරයක්  ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති වාණිජ බැංකුවකින් මහ රෝහල,පේරාදෙණිය ලිපිනයෙහි වූ අධ්‍යක්ෂ නමට ලියන ලද ලංසු භාර ගැනීම අවසන් වූ දින සිට දින 147 ක කාලයකට වලංගු වන සේ ලබාගත් ලංසු බැඳුම්කරයක් ලංසුව සමඟ ඉදිරිපත් කළ යුතුය. (2026.10.30දින සිට 2027.03.25 දක්වා වලංගු විය යුතුය).
  • ලංසු ලේඛණ ගාස්තුව ලෙස රු.2,000.00 ක ආපසු නොගෙවන මුදලක් පේරාදෙණිය මහ රෝහලේ සරප් වෙත ගෙවිය යුතු හෝ මහජන බැංකුවේ රෝහල් ගිණුම් අංක 057100129025207  හි තැන්පත් කළ යුතුය.අදාළ රිසිට්පත ලංසු ලේඛණ සමඟ ඉදිරිපත් කළ යුතුය.ලංසු ලේඛණ 2026.10.15 දින සිට පේරාදෙණීය මහ රෝහලේ නිල වෙබ් අඩවියෙන්( www.peradeniya-hospital.health.gov.lk )බාගත කර පරික්ෂා කළ හැකිය.
රෝහලේ නමප්‍රසම්පාදන අංකයබැංකු අයිරා පහසුකම් ලබා ගත යුතු  අවම වටිනාකම (රු.)ලංසු ඇපකරය (රු.)ලංසු ලියවිලි ගාස්තුව (රු.)
මහ රෝහල පේරාදෙණියTHP/AM/Chemi- TH/08/20261,000,000.00120,000.002,000.00

ආයතනය/රෝහල

  • සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි 2026.10.30 දින පෙ.ව. 10.00 ට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ,මහ රෝහල,පේරාදෙණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පේරාදෙණිය මහ රෝහලේ ගණකාධිකාරි කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ භාරදීමට කටයුතු කළ යුතුය. ටෙන්ඩර් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2027 වර්ෂයේ පේරාදෙණිය මහ රෝහලේ පිරිසිදු කිරීමේ සේවාව සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විශබීජ නාශක රසායනික ද්‍රව්‍ය මිළ දී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු සපයා ගැනීම” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවත්නා රෝහල් සහ ආයතනවල පිරිසිදු කිරීමේ සේවාව සඳහා අවශ්‍ය වන සේදුම්කාරක හා විශබීජ නාශක රසායනික ද්‍රව්‍යමිළ දී ගැනීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු සපයා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලංසු එක් එක් ආයතන වෙනුවෙන් වෙන වෙනම ඉදිරිපත් කළ යුතු අතර ආයතන කිහිපයකට ලංසු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන ලියකියවිලිවල මුල් පිටපත එක් ලංසුවක් සමඟ ඉදිරිපත් කළ යුතු වන අතර එය කුමන ලංසුවක් සමඟ ඉදිරිපත් කර ඇත්ද යන්න අනෙක් ලංසුවල පැහැදිලිව සඳහන් කළ යුතු වේ. අනෙක් ලංසු සමඟ මුල් පිටපත්වල සහතික  කළ පිටපත් වෙන වෙනම ඉදිරිපත් කල යුතුය.
  • ලංසු ලියවිලි පිටපත් 02කින් මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් සඳහන් කර වෙන වෙනම කවරවල බහා එම කවර දෙක තනි කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.
  • 2026.10.30 දින පෙ.ව. 10.00 දක්වා පේරාදෙණිය මහ රෝහලේ දී ලංසු භාරගැනීම සිදු කෙරේ. ලංසු භාරගැනීම අවසන් වූ වහාම ඒවා විවෘත කරන අතර, ලංසුකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට ලංසු ලියවිලි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය හැකිය.  වැඩි විස්තර සඳහා පේරාදෙණිය මහ රෝහලේ දුරකථන අංක 081-2388001 අමතන්න.
  • පූර්ව ලංසු රැස්වීම 2026.10.21 දින පෙ.ව 11.00 පේරාදෙණිය මහ රෝහලේ දී පැවැත්වේ.  

ඉදිරිපත් වන ලංසු පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතු වන අතර, ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

සභාපති,

ප්‍රාදේශිය ප්‍රසම්පාදන කමිටුව,

මහ රෝහල, පේරාදෙණිය.

Bid Documents

පේරාදෙණීය මහ රෝහල ජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ රසායනික ද්‍රව්‍ය සැපයීම සඳහා සැපයුම්කරුවෙකු ‍තෝරා ගැනීම- 2027