ප්රසම්පාදන දැන්වීමයි.
මහ රෝහල (ශීක්ෂණ) – පේරාදෙණිය
තොරතුරු තාක්ෂණික උපකරණ මිලදී ගැනීම , ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සදහා ලංසු කැඳවීම
පේරාදෙණිය (ශීක්ෂණ) රෝහල සඳහා පහත සඳහන් තොරතුරු තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් ප්රාදේශීය ප්රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ලංසු කැදවනු ලැබේ.
| අනු අංකය | අයිතමය | ප්රමාණය | ආපසු නොගෙවන ලංසු ගාස්තුව (රු) |
| 01 | UPS 650 VA or higher | 15 | |
| 02 | Desktop Computer unit with LED monitor | 01 | |
| 03 | Mini PC with monitor, keyboard, mouse and UPS | 14 | |
| 04 | Higher-performance laptop computer (Core i5 class) | 03 | |
| 05 | Laptop computer (Core i3 class) | 03 | |
| 06 | 2D Barcode Reader | 17 | |
| 07 | Direct Thermal label printer | 09 | |
| 08 | Black & white laser printer | 02 | 5,000.00 |
| 09 | A4 Refillable ink-tank printer | 07 | |
| 10 | A4 Sheet-fed Document Scanner | 01 | |
| 11 | Replacement Kiosk Printer for existing patient Registration Kiosk | 02 | |
| 12 | USB 3.0 Type-A to Gigabit Ethernet Adapter | 03 | |
| 13 | Thermal Transfer Printer | 02 | |
| 14 | 80 mm Thermal POS Receipt Printer | 01 | |
| 15 | Dot Matrix Printer | 01 | |
| 16 | Full HD Short-throw Laser Projector | 02 | |
| 17 | Monochrome Extra Heavy – Duty A3 Multifunction Photocopier | 01 |
(i) ලංසු ලියවිලි නිකුත් කිරීම –
සියළුම ලංසු ලේඛණ 2026.10.21 දින සිට පේරාදෙණිය මහ රෝහලෙහි නිළ වෙබ් අඩවිය වන www.peradeniya-hospital.health.gov.lk වෙතින් බාගත කර ගත හැකිය. ආපසු නොගෙවන ලංසු ලේඛණ ගාස්තු වශයෙන් රු. 5,000.00 ක මුදලක් මෙම රෝහලේ සරප් අංශයට සතියේ දිනවල (පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා) මුදලින් ගෙවා ලදුපතක් ලබා ගත හැකි අතර එසේ නොමැති නම් මහජන බැංකුවේ අංක 057100129025207 දරන රෝහල් ගිණුමට බැරකර අදාල ලදුපත ලංසු ලියවිලි සමග ඉදිරිපත් කල යුතුය. නිළ වෙබ් අඩවියෙන් බාගත කර නොගත් ලංසු ලේඛණ සහ ගාස්තු ගෙවන ලද ලදුපත ඉදිරිපත් නොකරන ලංසු ලේඛණ ප්රතික්ෂේප කරනු ලැබේ.
(ii) පුර්ව ප්රසම්පාදන රැස්වීම
පුර්ව ප්රසම්පාදන රැස්වීම 2026.10.28 වන දින පෙ.ව 10.30 ට පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ සාකච්ජා කාමරයේදී සිදුකරණ බැවින් , ඔබට හෝ ඔබගේ බලයලත් නියෝජිතයෙකුට ඒ සදහා සහභාගි විය හැකිය.
(iii) මිල ගණන් විවෘත කිරීම –
මිල ගණන් විවෘත කිරීම 2026.11.04 වන දින පෙ.ව10.30 ට පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ සාකච්ජා කාමරයේදී සිදුකරණ බැවින් , එදින පෙ.ව10.30 ට පෙර ලැබෙන සේ ලංසු පත් එවන මෙන් දන්වා සිටිමි. ඒ සදහා ඔබට හෝ ඔබගේ බලයලත් නියෝජිතයෙකුට ඒ සදහා සහභාගි විය හැකිය.
(iv) ප්රසම්පාදන අයදුම්පත් එවිය යුතු ආකාරය –
ලංසු පත් “සභාපති, ප්රාදේශීය ප්රසම්පාදන කමිටුව, මහ රෝහල (ශීක්ෂණ) , පේරාදෙණිය” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර, අතින් ගෙනැවිත් භාර දෙන්නේ නම් ගණකාධිකාරී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට නියමිත වේලාවට පෙර බහාලිය හැක. ලංසු එවන ලියුම් කවරයේ වම්පස ඉහල කෙලවරේ ලංසු විවෘත කරන දිනය හා අයිතමය සඳහන් කළයුතුය.
(v) ලංසු සුරක්ෂණ ඉදිරිපත් කිරීම-
සෑම ලංසුපතක් සමඟම ප්රසම්පාදන අයදුම්පතෙහි ITB 20.2 සඳහන් පරිදි 2027.03.02 වන දින දක්වා වලංගු වන සේ අධ්යක්ෂ, මහ රෝහල, පේරාදෙණිය නමින් ලබාගත් ලංසු සුරක්ෂණයක් ඉදිරිපත් කල යුතුය. ( එය මහ බැංකුවේ ලියාපදිංචි වාණිජ බැංකුවකින් ලබාගත යුතුය එසේ නොමැතිනම් පේරාදෙණිය මහ රෝහලේ සරප් අංශයට නියමිත මුදල් ගෙවා ලබා ගත් රිසිට්පතක් වුවද ඉදිරිපත් කල හැකිය)
ලංසු ආකෘති පත්රවල සඳහන් කොන්දේසි හා පිරිවිතර වලට අනුකූලව ලංසු ඉදිරිපත්කල යුතුය. පේරාදෙණිය මහ රෝහලේ ප්රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වන බව ලංසු කරු පිළිගත යුතුය.
සභාපති
ප්රාදේශීය ප්රසම්පාදන කමිටුව,
මහ රෝහල (ශීක්ෂණ),
පේරාදෙණිය.
Bid Documents
තොරතුරු තාක්ෂණික උපකරණ මිලදී ගැනීම , ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සදහා ලංසු කැඳවීම