2025/2026 දන්ත රෝහල, පේරාදෙණිය

Web Notice

අධ්‍යක්ෂ,මහ රෝහල,පේරාදෙණිය

ජාතික තරඟකාරි ලංසු  කැඳවීම යටතේ පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම-  2025/2026

                2025/2026 වර්ෂයක කාලයක් සඳහා පේරාදෙණිය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයීම පිණිස මහ රෝහල,පේරාදෙණිය ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ.

1.මෙම කොන්ත්‍රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය.

I.ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම් ආඥා පනත යටතේ හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීමේ ආයතනයක් ලෙස පුවත්පත් දැන්වීම පළ වූ දිනට අවම වශයෙන් වර්ෂයකට පෙර ලියාපදිංචි වූ ආයතනයක් විය යුතුය.

II.පිරිසිදු කිරීමේ සේවය සැපයීම සම්බන්ධයෙන් රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතනයක හෝ පෞද්ගලික රෝහලක අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතු අතර, ඒ බව අදාළ ආයතනයට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ ලිපිය සමඟ සේවාව සැපයූ ආයතනයෙන් ලබා ගත් ලිපි සහ ගිවිසුම්වල සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතුය.

III. පොදු කොන්ත්‍රාත් පනතේ 08 වැනි වගන්තිය යටතේ වන ලියාපදිංචි සහතිකය(ඒ ඒ රෝහල සඳහා වෙන වෙනම ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කල යුතුය.)

IV.පහත සඳහන් රෝහල සඳහා වගුවෙහි සඳහන් වටිනාකම්වලට කොන්දේසි රහිත බැංකු අයිරා පහසුකම් ලබා දෙන බවට කොන්ත්‍රාත්කරු ගනුදෙනු කරන බැංකුවෙන් නිකුත් කළ ලිපිය (මුල් පිටපත) (ලංසු විවෘත කිරීමේ දිනයට පෙර මසක් ඇතුළත ලබාගත් සහතිකයක් විය යුතුය.)

V.පූර්වාසන්න වර්ෂය සඳහා තම ව්‍යාපාර ලියාපදිංචි නාමය යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීම වෙනුවෙන් සේවයේ යොදවනු ලැබු සියළුම සේවකයින් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලට දායක මුදල් ගෙවා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්/ සේවක භාරකාර අරමුදලෙන් නිකුත් කළ ලිපි/ කුවිතාන්සි / ප්‍රේෂණ නිවේදන ඇතුළත් පසුගිය වසර 03 තුළ මාස 12කට අදාළ  ගෙවීම් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

VI.පූර්වාසන්න තක්සේරු වර්ෂය සඳහා පිරිසිදු කිරීමේ ආයතනය නමින් වැට් බදු/ආදායම් බදු ගෙවා ඇති බව ලිඛිත සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය.(සී/ස සමාගමක් නම් සමාගම නමින් ද, තනි පුද්ගල /හවුල් ව්‍යාපාර ආයතන සියළු හවුල්කරුවන්ගේ නමින් ද, පූර්වාසන්න වර්ෂය සඳහා ආදායම් බදු, වැට් බදු ගෙවා ඇති බවට ලිඛිත ලියවිලි ඉදිරිපත් කළ යුතුය. 2023/2024 වර්ෂය සඳහා පමණි )

VII.පහත වගුවේ සඳහන් පරිදි රෝහලට අදාළ වටිනාකමින් යුත් ලංසු ඇපකරයක්  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති වාණිජ බැංකුවකින් අධ්‍යක්ෂ,මහ රෝහල,පේරාදෙණිය ලිපිනයෙහි වූ රෝහල් අධ්‍යක්ෂ නමට ලියන ලද ලංසු භාර ගැනීම අවසන් වූ 2025.11.07  දින සිට 2026.03.05 දක්වා වලංගු වන සේ ලබාගත් ලංසු බැඳුම්කරයක් ලංසුව සමඟ ඉදිරිපත් කළ යුතුය.

  1. ලංසු ලේඛන ගාස්තුව ලෙස රු. 3,500.00 ක ආපසු නොගෙවන මුදලක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සරප් වෙත ගෙවිය යුතු හෝ මහජන බැංකුවේ රෝහල් ගිණුමේ අංක 057100129025207 හි තැන්පත් කළ යුතුය. අදාළ රිසිට්පත ලංසු ලේඛන සමඟ ඉදිරිපත් කළ යුතුය. ලංසු ලේඛන 2025 ඔක්තෝම්බර් 23 වන දින සිට පේරාදෙණිය මහ රෝහලේ නිල වෙබ් අඩවියෙන් (www.peradeniya-hospital.health.gov.lk  ) බාගත කර පරීක්ෂා කළ හැකිය.

ආයතනය/රෝහල

අනු අංකයරෝහලේ නමප්‍රසම්පාදන අංකයලංසු ඇපකරය (රු.)ලංසු ලියවිලි ගාස්තුව (රු.)
01දන්ත රෝහල,පේරාදෙණියTHP/AB/09/2025130,000.003,500.00

3. සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි 2025.11.07 දින පෙ.ව. 10.30 ට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ, මහ රෝහල, පේරාදෙණිය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ පේරාදෙණිය මහ රෝහලේ ගණකාධිකාරී කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ භාරදීමට කටයුතු කළ යුතුය. ටෙන්ඩර් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2025/2026 වර්ෂයේ පේරාදෙණීය දන්ත රෝහල සඳහා පිරිසිදු කිරීමේ සේවාව සැපයීම” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.

4. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා රෝහල් සහ ආයතනවල පිරිසිදු කිරීමේ සේවය සැපයීම සඳහා ඉදිරිපත් කරන ලංසු එක් එක් ආයතන වෙනුවෙන් වෙන වෙනම ඉදිරිපත් කළ යුතු අතර ආයතන කිහිපයකට ලංසු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන ලියකියවිලිවල මුල් පිටපත එක් ලංසුවක් සමඟ ඉදිරිපත් කළ යුතු වන අතර එය කුමන ලංසුවක් සමඟ ඉදිරිපත් කර ඇත්ද යන්න අනෙක් ලංසුවල පැහැදිලිව සඳහන් කළ යුතු වේ. අනෙක් ලංසු සමඟ මුල් පිටපත්වල සහතික  කළ පිටපත් වෙන වෙනම ඉදිරිපත් කල යුතුය.

5.  ලංසු ලියවිලි පිටපත් 02කින් මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් සඳහන් කර වෙන වෙනම කවරවල බහා එම කවර දෙක තනි කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.

6.  2025.11.07 දින පෙ.ව. 10.30 දක්වා පේරාදෙණිය මහ රෝහලේ දී ලංසු භාරගැනීම සිදු කෙරේ. ලංසු භාරගැනීම අවසන් වූ වහාම ඒවා විවෘත කරන අතර, ලංසුකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට ලංසු ලියවිලි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය හැකිය.  උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ලංසුකරුවන්ට පේරාදෙණිය මහ රෝහලේ අධ්‍යක්ෂගෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. (දුරකථන: 081-3880001)

7. පූර්ව ලංසු රැස්වීම 2025.10.29 දින පෙ.ව 11.00 ට පේරාදෙණිය මහ රෝහලේ දී පැවැත්වේ   

8. ඉදිරිපත් වන ලංසු පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතු වන අතර, ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

සභාපති,

ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව,

මහ රෝහල,පේරාදෙණිය.

Bid Documents

Bid Document