ලංසු දැන්වීම
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය
ජාතික තරඟකාරි ලංසු කැඳවීම යටතේ පේරාදෙණිය දන්ත රෝහලේ පිරිසිදු කිරීමේ සේවය සැපයීම – 2027 – 2029
2027- 2029 වර්ෂ 3ක කාලයක් සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ ඇති පහත සඳහන් රෝහල් හා ආයතනවලට අදාළව ලියාපදිංචි ආයතනවලින් 2027-2029 වර්ෂ සඳහා පිරිසිදු කිරීමේ සේවය සැපයිමට පේරාදෙණිය මහ රෝහලේ ප්රාදේශිය ප්රසම්පාදන කමිටු සභාපති විසින් ලංසු කැඳවනු ලැබේ.
1.මෙම කොන්ත්රාත්තුව සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලිය යුතුය.
I. පුවත්පත් දැන්වීම පළ වන දිනට අවම වශයෙන් වර්ෂයකට පෙර ශ්රී ලංකාවේ ව්යාපාර නාම ලියාපදිංචි කිරීම් ආඥා පනත යටතේ හෝ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ හෝ හවුල් ව්යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි වූ ආයතනයක් විය යුතුය.
II.පිරිසිදු කිරීමේ සේවය සැපයීම සම්බන්ධයෙන් රාජ්ය / අර්ධ රාජ්ය ආයතනයක හෝ පෞද්ගලික රෝහලක පසුගිය වසර පහ තුළ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතු අතර, ඒ බව අදාළ ආයතනයට කොන්ත්රාත්තුව ප්රදානය කළ ලිපිය සමඟ සේවාව සැපයූ ආයතනයෙන් ලබා ගත් ලිපි සහ ගිවිසුම්වල සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතුය.
III.පහත සඳහන් එක් එක් රෝහල/ආයතන සඳහා වගුවෙහි සඳහන් වටිනාකම්වලට කොන්දේසි රහිත බැංකු අයිරා පහසුකම් ලබා දෙන බවට කොන්ත්රාත්කරු ගනුදෙනු කරන බැංකුවෙන් නිකුත් කළ ලිපිය (මුල් පිටපත)
IV.පූර්වාසන්න වර්ෂය සඳහා තම ව්යාපාර ලියාපදිංචි නාමය යටතේ පිරිසිදු කිරීමේ සේවය සැපයීම වෙනුවෙන් සේවයේ යොදවනු ලැබු සේවකයින් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදලට දායක මුදල් ගෙවා ඇති බවට ශ්රී ලංකා මහ බැංකුවෙන්/ සේවක භාරකාර අරමුදලෙන් නිකුත් කළ ලිපි/ කුවිතාන්සි / ප්රේෂණ නිවේදන ඇතුළත් පසුගිය වසර 01 ට අදාළ ගෙවීම් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
V.පූර්වාසන්න තක්සේරු වර්ෂය සඳහා පිරිසිදු කිරීමේ ආයතනය නමින් වැට් බදු/ආදායම් බදු ගෙවා ඇති බව ලිඛිත සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය.(සී/ස සමාගමක් නම් සමාගම නමින් ද, තනි පුද්ගල /හවුල් ව්යාපාර ආයතන සියළු හවුල්කරුවන්ගේ නමින් ද, පූර්වාසන්න වර්ෂය සඳහා ආදායම් බදු, වැට් බදු ගෙවා ඇති බවට ලිඛිත ලියවිලි ඉදිරිපත් කළ යුතුය. 2025/2026 වර්ෂය සඳහා පමණි )
VI.පහත වගුවේ සඳහන් පරිදි රෝහල්/ආයතන වලට අදාළ වටිනාකමින් යුත් ලංසු ඇපකරයක් ශ්රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති වාණිජ බැංකුවකින් මහ රෝහල,පේරාදෙණිය ලිපිනයෙහි වූ අධ්යක්ෂ නමට ලියන ලද ලංසු භාර ගැනීම අවසන් වූ 2026.10.30 දින සිට 2027.03.25 දක්වා වලංගු වන සේ ලබාගත් ලංසු බැඳුම්කරයක් ලංසුව සමඟ ඉදිරිපත් කළ යුතුය.
- ලංසු අයදුම්පත් 2026.10.15 දින සිට 2026.10.29 දින දක්වා පේරාදෙණිය මහ රෝහලේ www.peradeniya-hospital.health.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගත හැකිය. ලංසු අයදුම්පත්ර ලබා ගැනීම සඳහා ආපසු නොගෙවනු ලබන රු 5,000.00 ක ගාස්තුවක් පේරාදෙණිය මහ රෝහලේ මහජන බැංකුවේ අංක 057100129025207 දරණ ගිණුම වෙත වාණිජ බැංකුවක් මඟින් තැන්පත් කල යුතු අතර, අදාළ රෝහලේ ප්රසම්පාදන අංකය Reference හි ඇතුළත් කල යුතුය. මුදල් තැන්පත් කිරීමට අදාළ ලදුපතෙහි ගණුදෙනුකරුගේ රිසිට්පත (Customer Copy) ලංසුව සමඟ ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
ආයතනය/රෝහල
| අනු අංකය | රෝහලේ නම | ප්රසම්පාදන අංකය | බැංකු අයිරා පහසුකම් ලබා ගත යුතු අවම වටිනාකම (රු.) | ලංසු ඇපකරය (රු.) | ලංසු ලියවිලි ගාස්තුව (රු.) |
| 01 | දන්ත රෝහල ,පේරාදෙණිය | THP/AM/Cleaning-DH/07/2026 | 4,600,000.00 | 225,000.00 | 5,000.00 |
3.ලංසුකරුවන් විසින් පූර්ව ලංසු රැස්වීම් වාර්තා සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා පේරාදෙණිය මහ රෝහලේ වෙබි අඩවිය ලංසු භාර ගැනීම අවසන් වන දින දක්වා නිරන්තරයෙන් පරීක්ෂා කල යුතුය.
4. සම්පූර්ණ කරන ලද ලංසු ලියවිලි 2026.10.30 දින පෙ.ව. 10.00 ට පෙර ලැබෙන සේ සභාපති, ප්රාදේශීය ප්රසම්පාදන කමිටුව, මහ රෝහල,පේරාදෙණිය ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ගිණුම් අංශයෙහි තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම හෝ ගෙනවිත් භාරදීමට කටයුතු කළ යුතුය. ටෙන්ඩර් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “2027-2029 වර්ෂයේ පේරාදෙණිය දන්ත රෝහලේ පිරිසිදු කිරීමේ සේවාව සැපයීම” යනුවෙන් සඳහන් කළ යුතුය. ප්රමාද වී ලැබෙන ලංසු ප්රතික්ෂේප කරනු ලැබේ.
5. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය යටතේ පවත්නා රෝහල් සහ ආයතනවල පිරිසිදු කිරීමේ සේවය සැපයීම සඳහා ඉදිරිපත් කරන ලංසු එක් එක් ආයතන වෙනුවෙන් වෙන වෙනම ඉදිරිපත් කළ යුතු අතර ආයතන කිහිපයකට ලංසු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන ලියකියවිලිවල මුල් පිටපත එක් ලංසුවක් සමඟ ඉදිරිපත් කළ යුතු වන අතර එය කුමන ලංසුවක් සමඟ ඉදිරිපත් කර ඇත්ද යන්න අනෙක් ලංසුවල පැහැදිලිව සඳහන් කළ යුතු වේ. අනෙක් ලංසු සමඟ මුල් පිටපත්වල සහතික කළ පිටපත් වෙන වෙනම ඉදිරිපත් කල යුතුය.
6. ලංසු ලියවිලි පිටපත් 02කින් මුල් පිටපත හා අනු පිටපත යනුවෙන් සඳහන් කර වෙන වෙනම කවරවල බහා එම කවර දෙක තනි කවරයක බහා ඉදිරිපත් කළ යුතුය.
7. 2026.10.30 දින පෙ.ව. 10.00 දක්වා පේරාදෙණිය මහ රෝහලේ දී ලංසු භාරගැනීම සිදු කෙරේ. ලංසු භාරගැනීම අවසන් වූ වහාම ඒවා විවෘත කරන අතර, ලංසුකරු හෝ ඔහුගේ බලයලත් නියෝජිතයෙකුට ලංසු ලියවිලි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය හැකිය.
වැඩි විස්තර සඳහා දුරකථන අංක 081-3880001 අමතන්න.
8. පූර්ව ලංසු රැස්වීම 2026.10.21 දින පෙ.ව 11.00 පේරාදෙණිය මහ රෝහලේ දී පැවැත්වේ.
9. ඉදිරිපත් වන ලංසු පිළිගැනීමේ හෝ ප්රතික්ෂේප කිරීමේ අයිතිය ප්රසම්පාදන කමිටුව සතු වන අතර, ප්රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.
සභාපති,
ප්රාදේශිය ප්රසම්පාදන කමිටුව,
මහ රෝහල, පේරාදෙණිය.
Bid Documents
පේරාදෙණිය දන්ත රෝහලේ පිරිසිදු කිරීමේ සේවය සැපයීම – 2027 / 2029